අ.පො.ස. (උසස් පෙළ )විභාගය 2024-11-25 සිට 2024-12-20 දක්වා පැවැත්වීමට නියමිත අතර, ඒ සඳහා පාසල් නිවාඩුව 2024-11-23 දින සිට 2025-01-01 දින දක්වා ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත.
2007.08.08 දින ජේ.එම්.තිලකරත්න මයා අප පාසලේ විදුහල්පතිවරයා ලෙස වැඩ භාර ගන්න ලද අතර. 2024.04.24 දින එතුමා විශ්‍රාම දිවියට එළඹ අප පාසලෙන් සමුගන්නා ලදී. එතුමාගේ සේවයට කෘතගුණ සලකනුවස් 2024-07-20 දින සමුගැනීමේ උත්සවයක් පවත්වන ලදී.
සෑම වසරකම ඔක්තෝබර් මස 01 වන දිනට යෙදෙන ලෝක ළමා දින සැමරුම මෙම වසරේදී සැමරීම 2024-10-02 වන දින අප පාසලේ සංවිධානය කර තිබූ අතර.එදින 149 ක් වන අප පාසලේ සිසුන් සඳහා දිවා අහාරය හා අතුරුපස ලබාදුන් අතර ගුරුවරුන් හා සිසුන් අතර එල්ලෙ ක්‍රීඩා වේ නිරත් වූ අතර, ගුරුභවතුන් විසින් විශේෂාංග කිහිපයක් සිසුන් වෙනුවෙන් ඉදිරිපත් කරන ලදී.
2024-08-08 සහ 2024-08-09 යන දෙදින පුරා මොනරාගල යොවුන් සේනාන්ක මධ්‍යස්ථානයේ දී අප විද්‍යාලයේ 2024 ශිෂ්‍ය නායක මණ්ඩලය නායකත්ව පුහුණු වැඩසටහනකට සම්බන්ධව එය සාර්ථකව නිම කරන ලදී.