මො/මුතුකෙළියාව මහා විද්‍යාලය

අ.පො.ස. (උසස් පෙළ )විභාගය හේතුවෙන් පාසල් නිවාඩුව ලබාදීම.

8.jpeg
8.jpeg

විදුහල්පති පණිවිඩය

K. M. R. S. බණ්ඩාර

මො /මුතුකෙළියාව මහා විද්‍යාලය ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර අධ්‍යාපන කොට්ඨාසයේ මුතුකෙළියාව ග්‍රාමයේ පිහිටි කීර්තිමත් පාසලකි. අප පාසල 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන් අධ්‍යාපනය ලබන අතර උ/පෙළ කලා විෂය ධාරාව හා වාණිජ විෂය ධාරාව ක්‍රියාත්මක වන අතර පාසලේ සිසුන් 150 පමණ අධ්‍යාපනය ලබයි.
මේ වන විට පාසලේ දරුවන් කලාප, පළාත් මෙන් ම ජාතික මට්ටමේ විශාල ජයග්‍රහණ ප්‍රමාණයක් ලබා ගනිමින් පාසල ඉහළට ඔසවා තැබීමට සමත්ව ඇති අතර විභාග ප්‍රතිඵල අතින් ද ජාතික මට්ටම අභිබවා සිටී.එමෙන්ම පාසලේ ආදී ශිෂ්‍ය ශිෂ්‍යාවන් ජාතික හා ජාත්‍යන්තර තලයේ උසස් ස්ථානවල කටයුතු කරයි.
අප විද්‍යාලය තුළ තොරතුරු තාක්ෂණ විෂය ද ක්‍රියාත්මක වන අතර දරුවන්ගේ තොරතුරු තාක්ෂණ දැනුම වර්ධනය කර ගැනීම සඳහා විවිධ වැඩසටහන් ද ක්‍රියාත්මක වේ. අප විද්‍යාලයේ තොරතුරු දැන ගැනීමට අවශ්‍ය පාර්ශ්ව සඳහා මෙන් ම පාසලේ තොරතුරු ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් හුවමාරු කර ගැනීම සඳහා මෙම වෙබ් අඩවිය ඵලදායීව යොදා ගත හැකි බව මාගේ අදහසයි. එමෙන් ම මෙම කාර්ය සාර්ථක කර ගැනීම සඳහා උත්සුකව කටයුතු කරන තොරතුරු තාක්ෂණ විෂය භාර ගුරුතුමිය ඇතුලු සැමටත් ස්තූතිය දක්වන අතර අප පාසලේ දරුවන්ට පාසලේ කීර්ති නාමය තව දුරටත් ඉහළින් තබා ගනිමින් ජාතික හා ජාත්‍යන්තර තලය තුළ කටයුතු කිරීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරමි...

K. M. R. S. බණ්ඩාර
විදුහල්පති (SLPS III)
මො /මුතුකෙළියාව මහා විද්‍යාලය.