මො/මුතුකෙළියාව මහා විද්‍යාලය

අ.පො.ස. (උසස් පෙළ )විභාගය හේතුවෙන් පාසල් නිවාඩුව ලබාදීම.

8.jpeg
8.jpeg

 

පාසලේ අනන්‍යතාවය, පිළිවෙල හා සාමුහිකත්වය ඔප්නංවන ප්‍රධාන අංගය නිළ ඇදුමයි. නිල ඇදුම භාවිතා කිරීමේදී පහත දැක්වෙන නීති රීති අනුගමනය කිරීම අනිවාර්ය වේ.

පිරිමි ළමුන් (6-9)


✦ කොන්ඩය කොටට කපා පැත්තට පීරිය යුතු ය.

✦ කලිසමේ යට වාටියේ සීමාව හා දණහිස අතර දුර  අගල් 2 කි.

✦ අතෙහි කෙලවර වාටියේ සිට වැලමිට දක්වා අගල් 4කි.

✦ කලු මේස් හා කලු සපත්තු පැළදිය යුතු ය.

 

පිරිමි ළමුන් ( 10-13 ) 

✦ කොන්ඩය කොටට කපා පැත්තට පීරිය යුතු ය.

✦ කලිසමේ පසුපස සාක්කුව දකුණු පසින් තිබිය යුතු ය.

✦ කලිසමේ පහළ කෙලවර පාවහන් මට්ටමෙන් තිබිය යුතු අතර ඉහළ ඉස්සෙන ආකාරයෙන් පැලදීම නොකළ යුතු ය.

✦ කලු මේස් හා කලු සපත්තු පැළදිය යුතු ය.

✦ කලිසමේ පහල කෙලවරවල් සමාන්තර විය යුතු ය.

✦ නිල ඇදුම සදහා අත් ඔරලෝසු පැලදීම සපුරා තහනම්.

 

ගැහැණු ළමුන් ( 6-13 )

✦කොන්ඩය හිස මැදින් හොදින් පෙනෙන සේ දෙකට බෙදා තිබිය යුතු ය.

✦ ගවුම් වාටිය දණහිසේ පහළ සීමාව මත පිහිටිය යුතු ය.

✦ කොන්ඩය කන නොවැසෙන සේ මනාව පීරා තිබිය යුතු ය.

✦ සුදු මේස් , සුදු සපත්තු පැළදිය යුතු ය.