මො/මුතුකෙළියාව මහා විද්‍යාලය

අ.පො.ස. (උසස් පෙළ )විභාගය හේතුවෙන් පාසල් නිවාඩුව ලබාදීම.

8.jpeg
8.jpeg

 

✨විද්‍යාලයේ ව්‍යවස්ථා මාලාව 

✦ විද්‍යාලය පැවැත්වෙන දිනවල දිනපතා උදේ 7.30 ට ප්‍රථම විද්‍යාලයට පැමිණිය යුතු ය.විද්‍යාලය නිම වන තුරු අවසරයක් නොමතිව බූමියෙන් පිටතට නොය යුතු අතර නොපැමිණෙන දිනවල ඊ්ට හේතු සිසු වාර්තා පොතේ සදහන් කරවා ගත යුතු යි. දෙමපියන්ගේ ඉල්ලීමක් නොමැතිව විද්‍යාලය අවසන් වන වේලාවට කලින් විද්‍යාලයෙන් යාමට ඉඩ දෙනු නොලැබේ.

✦ විද්‍යාලයේ විනීත සිසුවකු හැටියට හදුනාගත   හැකිවන සේ පිරිසිදු නියමිත නිල ඇදුමෙන් පැමිණිය යුතු ය.

✦ විද්‍යාලයේ සියලු බඩු බාහිරාදිය පරිස්සමෙන් පරිහරණය කළ යුතු ය.

✦ සිසුන් විසින් කරනු ලබන සියලුම අලාභ හානි ගැන ඔවුන් වගකිව යුතු ය.විද්‍යාලය මගින් සංවිධානය කරනු ලබන සෑම කටයුත්තකටම සිසුන්ගේ සහභාගීත්වය අනිවාර්ය වේ.

✦ ගුරු දෙගුරුන්ගේ ගෞරවය රකිමින් ඔවුන් දෙන අවවාද උපදෙස් සහ නියමයන් පිලිගෙන ඉතා උනන්දුවෙන් ඉගෙනීමේ කටයුතු කළ යුතු ය.

(01) පැමිණීම දුර්වල වීම.

(02) දෙමාපිය බාරකාරදීන්ට හා ගුරුවරුන්ට අකීකරු වීම.

(03) විද්‍යාලය ඇතුළතදී හෝ පිටතදී විද්‍යාලයට නිගරු වන අන්දමට හැසිරීම යනාදිය පිලිබඳව දැඩිව සලකා බලනු ඇත.

✦සියලු ගාස්තු හැම වසරකම ආරම්භයේදී ගෙවිය යුතුය.විද්‍යාලයෙන් සංවිධානය කෙරෙන සියලු ක්‍රියාකාරකම් පිලිබඳව අදාළ ගුරුබවතුන්ගේ සටහන් ලබා ගැනීම සිසුන්ගේ වගකීමයි.

✦ මෙම පොත දිනපතා පාසලට රැගෙන ආ යුතු යි.

✨නිල ඇදුම් හා බාහිර පෙනුම

✦ පිරිමි ළමුන් අත්කොට සුදු කමිස වැලමිටට අගලක් තිබෙන සේ ඇදිය යුතුයි.

✦ පිරිමි දරුවන් කොන්ඩය අගලක් කොටට කපා තෙල් ගා වම් පසින් බෙදා පැත්තට පීරිය යුතු ය.කිසිදු ආකාරයකින් රැවුල නොවැවිය යුතු ය.කොන්ඩය ගෙතීමට හැකි දියණියන් දෙකට බෙදා ගොතා ,කලු රිබන් පටි පමණක් පැළදිය හැකි ය.

✦ මුදු,මාල,වළලු ආදී ආබරණ පැලදීම හෝ ඇහිබැම සැකසීම ආදිය නොකල යුතු ය.

✦ ප්‍රසිද්ධ විබාග සහ විදුහලට සම්බන්ද වන උත්සව වලදී පූර්ණ නිල ඇදුම ඇදීම අනිවාර්ය වේ. කිසිදු අවස්ථාවක නිල ඇදුමින් තොරව පාසලට පැමිණීම නොකළ යුතු ය.

✨හැසිරීම

✦ සියලුම සිසු සිසුවියන් පාසලේ විනය නීතී රීතී සංග්‍රහය පිලිපැදිය යුතු ය.සියලුම සිසු සිසුවියන් විදුහල්පති ඇතුළු ආචාර්ය මණ්ඩලයේ ,ශිශ්‍ය නායකා නායිකාවන්ගේ සහ තම පන්තියේ නායකයගේ හෝ නායිකාවගේ අණට කීකරු විය යුතු ය.

✦ පාසල ආරම්භයට පෙර තමාට පැවරී ඇති පංති හා ගෙමිදුල අනිවාර්යයෙන් පවිත්‍ර කල යුතු ය.

✦ උදෑසන ආගමික වත් පිලිවෙත්වලට සියලුම සිසුන් අනිවාර්යයෙන් සහභාගි වී සන්සුන් සිතකින් හා ගෞරවයෙන් යුතුව නිවැරදිව ආගමික වත් පිළිවෙත්වල යෙදිය යුතු ය.

✨පන්ති කාමරය තුළ හැසිරීම 

✦ පාසල් වේලාව තුළදී සියලුම සිසු සිසුවියන් කාල සටහනට අනුව කාලපරිච්ඡේදවලදී නියමිත අද්‍යයන කටයුතුවල යෙදිය යුතු ය.

✦ පන්ති කාමරයට ඕනෑම ගුරුබවතකු පැමිණෙන ,පිටවන සෑම අවස්ථාවකදීම නැගිට ආචාර කළ යුතු ය. සෑම කල්හිම ගුරු ගෞරවය ඇතිව හැසිරිය යුතු ය.

✦ පන්තිබාර ගුරුබවතුන්ගේ අවසරයක් නොමැතිව තමාට අදාළ නොවන පංතිවල නිදැල්ලේ හැසිරීම කිසිසේත්ම නොකළ යුතු ය.

✦ බාහිර පුද්ගලයන් සමග පංති කාමරය තුළ හෝ පාසල් බූමිය තුළ විදුහල්පතිතුමාගේ අවසරයකින් තොරව කතා කිරීම තහනම් ය.

✨තහනම් ද්‍රව්‍ය 

✦ පාසල තුළ ජංගම දුරකතන, CD/DVD/VCD ආදී සංයුක්ත තැටි , නොගැලපෙන ලිපි ලේකන දුම්වැටි , මත්ද්‍රව්‍ය , මත්පැන් වර්ග හෝ වටිනා බාණ්ඩ අනවශ්‍ය පරිදි මුදල් ගෙන ඒම, ළග තබ ගැනීම හෝ ගෙන ඒමට ආදාර අනුබල දීම සපුරා තහනම් ය.

✦ පොලිතින් මාලු හෝ පොලිතින් කෑම කොළවල කෑම නොගෙන ආ යුතු ය. කෑම පෙට්ටියක් බාවිතා කරන්න.

✨දෙමාපියන් හා ආදි ශිශ්‍යයින් පාසලට පැමිණීම 

✦ මව්වරුන් හා පියවරුන් නිසි පරිදි ගෞරවනීයව සැරසී පැමිණිය යුතු ය.

✦ ආදී ශිශ්‍යයන්ද නිසි පරිදි හැද පැමිණිය යුතු ය.

✦ චරිත සහතික සහ විබාග සහතික ලබාගැනීමේ ශිශ්‍ය වාර්තා පොත ඉදිරිපත් කල යුතු ය.

✦ හදිසි අසනීප තත්ත්වයකදී පාසලෙන් කැදවීමක් ලද විට දෙමාපියන් / බාරකරුවෙක් පැමිණි විට පලමුව විදුහල්පති කාර්යාලයද , පංතිබාර ගුරුබවතා ද දැනුවත් කර දෙවනුව ළමයා කැදවා ගෙන යා හැකි ය