මො/මුතුකෙළියාව මහා විද්‍යාලය

අ.පො.ස. (උසස් පෙළ )විභාගය හේතුවෙන් පාසල් නිවාඩුව ලබාදීම.

8.jpeg
8.jpeg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

D. M. රසික චින්තන

මො/ මුතුකෙළියාව මහා විද්‍යාලය දිනෙන් දින විශිෂ්ටත්වය කරා පියමං කරන ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රික්කය අයත් දීප්තමත් පාසලකි. විද්‍යාලයේ සිසු දරු දැරියන් විෂය මෙන් ම විෂය බාහිර විවිධ තරඟවලින් කලාප, පළාත් මෙන් ම ජාතික මට්ටමේ ජයග්‍රහණ රැසකට උරුමකම් කියන අතර පාසලින් බිහි වූ කිර්තිමත් ආදී සිසුන් ද රටේ ඉහළ තැන්වල විවිධ තනතුරු දරමින් රට දැය වෙනුවෙන් ඉටු කරන සුවිශේෂී මෙහෙවර ද පාසලට ඉමහත් ආඩම්බරයකි.
වර්ථමානයේ පාසලේ දරුවන්ගේ හා වෙනත් කටයුතු සඳහා තොරතුරු තාක්ෂණ පහසුකම් ලබා දීම කාලෝචිතය. එබැවින් අප විද්‍යාලය හා සබැදි විවිධ පාර්ශව සමග අදහස් දී හා තොරතුරු හුවමාරුවේදී මෙම වෙබ් අඩවිය ඵලදායීව යොදා ගැනීමට හැකි වනු ඇතැයි මාගේ විශ්වාසයයි. එබැවින් අප විද්‍යාලයේ වෙබ් අඩවිය සමඟ සම්බන්ධ වී පාසලේ උන්නතියට සහයෝගය දක්වන මෙන් ආරාධනා කරමි.
මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන් ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි..

D. M. රසික චින්තන
නියෝජ්‍ය විදුහල්පති
මො/ මුතුකෙළියාව මහා විද්‍යාලය.