සදනුව නව ලොව ඇකයේ අප හොබවා
නුවණැස වඩවා ශිල්ප සතර දෙමිනා
දෙස බස රස දිනු පරපුර නිති වඩනා
මුතුකෙළියාව මහ විදුහල් මාතා
ඔරදේවා.. සැරදේවා..විදුහල් මෑණි අපේ..//
තිරසර ගුණ පිරි දරුවන් බිහි කරනා
ප්‍රඥා පහනින් අවිදු අඳුර මුදනා
මැණික් නදී දිය සිහිලෙන් සිත් නිවනා
අරුණු රැසයි ඔබ ගිරි හිස සිප වඩිනා
ඔරදේවා.. සැරදේවා..විදුහල් මෑණි අපේ..//
පතල විකුම් පෑ විරු හඬ යලි නගනා
දයා මෙතින් සෘජු හදවත් හැඩ ගන්වා
මතුකොට දස්කම් හෙට දින දැය නගනා
දිරි වෙමු අප සැම ඔබ සෙවණේ බැතිනා
ඔරදේවා.. සැරදේවා..විදුහල් මෑණි අපේ..//





